Kurulu Lowe Kurulu Handata ( කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Tuesday

Kurulu Lowe Kurulu Handata ( කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා )

                                            Kurulu Lowe Kurulu Handata (Pan Mama)  


Artist
  -  Paul Fernando
Song
  -  Kurulu Lowe Kurulu
Chord
  -  C



                                 Kurulu Lowe Kurulu Handata (Pan Mama)  





කුරුලු ලොවේ කුරුළු හඩට මා පිබිදෙනවා
අදුර මැකී දැන් ටික ටික එළිය වැටෙනවා
බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා
පාන්දරින් පාන් මාමා පාන් ගේනවා
පාන්දරින් අපෙ ගේ දොරකඩට ඇවිල්ලා
සීනුව ඔහු දෙතුන් වරක් නාදය කරලා
පාන් ගෙනත් ඇති බව ඇත සැමට දන්වලා
අහල පහල හැමදෙන එයි හනිකට දුවලා

රෝස් පාන් සීනි බනිස් කන්නට හිතිලා
පුංචි නැඟී මල්ලි මාමා වටේ රොක් වෙලා
සතේ දෙකේ කාසි වලින් ගණන් බේරලා
උනුපාන් බනිස් ගෙදර ගෙනෙයි දෑත පුරවලා
ඊයේ ගත්ත රෝස් පාන් ගෙඩිවල සල්ලි
තරහ නැතිව අදවත් මට දෙන්නකෝ මල්ලි
මෙන්න මාමේ ගන්නකො මන් ගෙනාවා සල්ලි
ඉනේ ඔතන් මාමා යනවා සතුටින් ඉපිලී
වැස්ස පින්න නොබලා උදෙන් අපවෙත එනවා
බයිසිකලේ මහන්සියෙන් පැදගෙන යනවා
කොයි කාටත් සිනා රැලක් පිළිගන්වනවා
පාන් මාමා කවදත් කොහිදීත් වැජඹෙනවා

No comments:

Post a Comment