Mangala Mal Dama ( මංගල මල්දම පතා හිඳිම් මම ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Sunday

Mangala Mal Dama ( මංගල මල්දම පතා හිඳිම් මම )

                                                                              Mangala Mal Dama


Artist
  -  Victor Rathnayaka
Song
  -  Mangala Mal Dama
Chord
  -  F

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                           Mangala Mal Dama



මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම

මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ළඳේ වත මනකල් උකුළු මුකුළු පෙම - මුකුළු පෙම
මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ළඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම - ලලිත පෙම

කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා
දුර නඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල්සර ගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය දිව්‍ය කුමාරිය
මට මොටද ළඳේ ඇත්නම් ඔබ දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන් පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු සිනාවයි - දෑස ඉනාවයි
ගත සුවඳ කොකුම් බිඟු රොන් - හද ගීත ලතාවයි


ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සහාය ගායනය - සිසිර සේනාරත්න
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

No comments:

Post a Comment